භාවිතයට අදාළ උපදෙස්

“නාඩි වදන” භාවිතා කිරීමට අන්තර්ජාලය හා සම්බන්ධව සිටීම අවශ්‍යද?

ඔව්. “නාඩි වදනට” අදාළ සියලුම සැකසුම් කටයුතු සිදු කරන්නේ අන්තර්ජාලය තුල ස්ථාපනය කර ඇති අපගේ Cloud අවකාශය තුල බැවින් මෙම යෙදවුමට අදාළ සේවාවන් ලබා ගැනීම සඳහා ඔබගේ දුරකතනයේ Data On කර තිබිය යුතුය.

“නාඩි වදන” App එක වෙනුවෙන් යම් ගාස්තුවක් අය කරනවාද?

ඔව්. දිනකට රුපියල් පහක් සහ ඊට අදාළ බදු මුදල් අය කරන අතර ඔබ ලියාපදිංචි වූ දුරකථන අංකයට අදාළ ගිණුමෙන් ස්වයංක්‍රියව මෙම මුදල අය කර ගනු ලැබේ. යම් ලෙසකින් ඔබගේ ලියාපදිංචි වී ඇති දුරකථන ගිණුමේ, දෛනික ලියාපදිංචි ගාස්තුව අය කර ගැනීමට ප්‍රමාණවත් ශේෂයක් නොමැති නම් ඔබගේ ලියාපදිංචිය ස්වයංක්‍රීයවම අක්‍රිය වේ. එවිට තාවකාලිකව “නාඩි වදන” යෙදවුමට ප්‍රවේශ වීමට ඔබට නොහැකි වන අතර අදාළ දෛනික ලියාපදිංචි ගාස්තුව අය වූ පසු ස්වයංක්‍රීයවම ලියාපදිංචිය සක්‍රීය වී නැවත “නාඩි වදන” යෙදවුම පරිශීලනය කිරීමේ හැකියාව ඔබට හිමි වේ.

ලියාපදිංචිය අහෝසි කර ගන්නේ කෙසේද?

ඔබ කැමති ඕනෑම වේලාවක “නාඩි වදන” සමග වූ ලියාපදිංචිය අහෝසි කර ගත හැකිය. ඒ සදහා ඔබ ලියාපදිංචි වූ දුරකතනයෙන් UNREG nadiwdn ලෙසට සටහන් කර 77112 වෙතට SMS එකක් යවන්න. එවිට ඔබගේ ලියාපදිංචිය අහෝසි වනු ඇත.

නාඩි වදන යෙදවුම මගින් ප්‍රතිධාන ලබා දෙන්නේ කුමන පදනමකින්ද?

යෙදවුමට ප්‍රවේශ වීමට හා යෙදවුමේ ක්‍රියාකාරිත්වය ආකර්ශනීය කිරීමට ඇඟිලි සලකුණු කියැවීමක් අන්තර්ගත කර ඇති නමුත් යෙදවුමේ ප්‍රතිධාන ලබා දීමේදී ඇඟිලි සලකුණු පරීක්ෂාවක් සිදු නොවේ. සියලු ප්‍රතිධාන නිකුත් කරනුයේ ඔබ විසින් ලබා දෙන උත්පත්ති දත්ත පදනම් කර ගෙන බව කරුණාවෙන් සලකන්න.

“නාඩි වදන” App එක භාවිතයට අදාළ ගැටළුවක් ඇති වුවහොත් එය විසදා ගන්නේ කෙසේද?

ඔබගේ ගැටලුව සවිස්තරාත්මකව සටහන් කොට kathisa.apps@gmail.com වෙත ඊ මේල් පණිවුඩයක් එවන්න. අපගේ කණ්ඩායම හැකි ඉක්මනින් ඔබට පිළිතුරු සපයනු ඇත.