නියමයන් හා කොන්දේසි

  1. භාවිතයට සුදුසුකම (Eligibility):

“නාඩි වදන” යෙදවුම භාවිතා කිරීම සඳහා ඔබ අවුරුදු 18 ට වඩා වැඩි විය යුතුය. ඔබ එම වයස් සීමාවට වඩා අඩු නම්, ඔබ “නාඩි වදන” යෙදවුමේ සේවාවන් ලබා ගත යුත්තේ අපගේ භාවිතා කිරීමේ නියමයන්ට හා කොන්දේසි වලට එකඟ වූ ඔබගේ දෙමව්පියන්ගේ හෝ නීත්‍යානුකුල භාරකරුවන්ගේ අධීක්ෂණය යටතේ විය යුතුය.

  1. පෞද්ගලිකත්ව ප්‍රතිපත්තිය (Privacy Policy):
    අප විසින් ඔබගේ පෞද්ගලික තොරතුරු ලබා ගන්නා අකාරය හා ඒවා භාවිතා කරන ආකාරය දන ගැනීම සඳහා අපගේ Privacy Policy පිටුවට පිවිසෙන්න.
  1. පරිශීලක අන්තර්ගතය (User Content):
    ඔබ විසින් “නාඩි වදන” යෙදවුමට ආදානය කරනු ලබන ඔබගේ පෞද්ගලික තොරතුරු “පරිශීලක අන්තර්ගතය” යටතේ ආවරණය වේ. ඔබගේ පරිශීලක අන්තර්ගතයන්හි අයිතිය ඔබ සතු විය යුතු අතර ඔබට නීත්‍යානුකුල හිමිකමක් නොමැති කිසිදු පෞද්ගලික තොරතුරක් “නාඩි වදන” යෙදවුමට ආදානය කිරීමට ඔබට අවසරයක් නොමැති අතර එසේ කිරීමෙන් ඇති විය හැකි ඕනෑම නීතිමය ගැටළුවක් සම්බන්ධයෙන් අපගේ බැඳීමක් නොමැති අතර එහි පුර්ණ හිමිකම ඔබ සතු වේ. එබැවින් ඔබට අවසරයක් නොමැති කිසිදු තොරතුරක් “නාඩි වදන” යෙදවුම වෙත ලබා දීම නොකළ යුතුය.
  1. ප්‍රකාශණ හිමිකම (Copy Rights):
    අපගේ සේවාවන් හා අන්තර්ගත ලේඛන, තොරතුරු, ශබ්ද ගොණු (Audio files) හී පුර්ණ හිමිකම අප සතු වන අතර ඒවා සියල්ල ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හා අනෙකුත් සියලුම ජාත්‍යන්තර ප්‍රකාශණ හිමිකම් නීතීන් යටතේ ආවරණය වේ.

“නාඩි වදන” යෙදවුමේ භාවිතා වන ප්‍රකාශන හිමිකම් නීතියට යටත් අපගේ අන්තර්ගතයන් සියල්ලම ඔබගේ පෞද්ගලික භාවිතයට පමණක් සීමා වන අතර වෙනත් වාණිජමය කටයුත්තක් සඳහා ඒවා යොදා ගැනීමට කිසිදු නීතිමය අවසරයක් ඔබට නැත.

“නාඩි වදන” යෙදවුම හරහා ලබා ගන්නා ප්‍රතිදාන වල තිර අනුරූ (Screenshots) ඔබගේ සමාජ මාධ්‍ය ගිණුම්වල පමණක් ප්‍රදර්ශනය කිරීමට අවසර ඇති අතර ඔබ හැර වෙනත් අයෙකුගේ ඡායාරූප හා තොරතුරු භාවිතයෙන් ලබා ගන්නා තිර අනුරූ (Screenshots) කිසිදු විටෙක සමාජ මාධ්‍ය වෙත මුදා හැරීමට ඔබට අවසර නැත.

  1. වගකීමේ සීමාවන් (Limitation of Liability):
    “නාඩි වදන” යෙදවුමට අදාළ “භාවිතා කිරීමේ නියමයන්ට හා කොන්දේසිවලට” පටහැනිව සිදු කරනු ලබන කිසිදු භාවිතාවක් සඳහා අප කිසිදු වගකීමක් දරනු නොලැබේ.

“නාඩි වදන” භාවිතය ඔබගේ පෞද්ගලික කැමැත්ත මත පමණක් සිදු විය යුතුය. භාවිතය නිසා සිදු විය හැකි කිසිදු ආකාරයක ගැටළු සහගත හෝ අහිතකර තත්වයක් සම්බධයෙන් වග කීමට අප බැඳී නැත.

“නාඩි වදන” සදහා පදනම්ව ඇත්තේ ජ්‍යොතිෂ මුලධර්ම, අංක විද්‍යා සිද්ධාන්ත, ගුප්ත විද්‍යා නිමිති හා වෙනත් ඉපැරණි ගුප්ත විද්‍යා ක්‍රමවේදයන් ය. ඒවායේ සත්‍යතාවය හෝ අසත්‍යතාවය පිලිබදව හෝ “නාඩි වදන” භාවිත කිරීම හේතුවෙන් ඇති විය හැකි කිසිදු ආකාරයක ගැටළුවක් සම්බන්ධයෙන් හෝ “නාඩි වදන” නිෂ්පාදන කණ්ඩායම කිසිම වගකීමක් දරනු නොලැබේ.

“නාඩි වදන” යෙදවුමේ සේවාවන් සක්‍රිය කර ගැනීම හා සේවා ගාස්තු අය කර ගැනීම සඳහා ඩයලොග්, හච් (078/072) හා එයාර්ටෙල් සමාගම්, තුන්වන පාර්ශ්වීය ජංගම සේවා සපයන්නන් හා ගාස්තු අය කරන්නන් ලෙස පමණක් කටයුතු කරන අතර “නාඩි වදන” යෙදවුමේ අන්තර්ගතයන් හා “නාඩි වදන” යෙදවුම භාවිතාව නිසා ඇති විය හැකි කිසිදු ආකාරයක ගැටළුවක් සම්බන්ධව ඩයලොග්, හච් (078/072) හා එයාර්ටෙල් සමාගම් කිසිදු ආකාරයක නෛතික වගකීමක් නොදරන්නේය.

මෙය පෞද්ගලික භාවිතය සදහා සකසනු ලද මෘදුකාංගයක් වන අතර වාණිජ පරමාර්ථයෙන් භාවිත කිරීම සපුරා තහනම් වේ.