භාවිතයට අදාළ උපදෙස්

“නාඩි වදන” හෙවත් “නාඩි වාක්‍ය” භාවිතා කිරීමට අන්තර්ජාලය හා සම්බන්ධව සිටීම අවශ්‍යද?

ඔව්. “නාඩි වදන” හෙවත් “නාඩි වාක්‍ය” යෙදවුමට අදාළ සියලුම සැකසුම් කටයුතු සිදු කරන්නේ අන්තර්ජාලය තුල ස්ථාපනය කර ඇති අපගේ Cloud අවකාශය තුල බැවින් මෙම යෙදවුමට අදාළ සේවාවන් ලබා ගැනීම සඳහා ඔබගේ දුරකතනයේ Data On කර තිබිය යුතුය.

“නාඩි වදන” හෙවත් “නාඩි වාක්‍ය” App එක වෙනුවෙන් යම් ගාස්තුවක් අය කරනවාද?

ඔව්. දිනකට රුපියල් අටක් සහ ඊට අදාළ බදු මුදල් අය කරන අතර ඔබ ලියාපදිංචි වූ දුරකථන අංකයට අදාළ ගිණුමෙන් ස්වයංක්‍රියව මෙම මුදල අය කර ගනු ලැබේ.

මොබිටෙල් පසු ගෙවීම් පරිශීලකයින්ගෙන් පමණක් මසකට රු: 240 ක් හා බදු මුදල් අය කරනු ලැබේ.

යම් ලෙසකින් ඔබගේ ලියාපදිංචි වී ඇති දුරකථන ගිණුමේ, දෛනික ලියාපදිංචි ගාස්තුව අය කර ගැනීමට ප්‍රමාණවත් ශේෂයක් නොමැති නම් ඔබගේ ලියාපදිංචිය ස්වයංක්‍රීයවම අක්‍රිය වේ. එවිට තාවකාලිකව “නාඩි වදන” හෙවත් “නාඩි වාක්‍ය” යෙදවුමට ප්‍රවේශ වීමට ඔබට නොහැකි වන අතර අදාළ දෛනික ලියාපදිංචි ගාස්තුව අය වූ පසු ස්වයංක්‍රීයවම ලියාපදිංචිය සක්‍රීය වී නැවත “නාඩි වදන” හෙවත් “නාඩි වාක්‍ය” යෙදවුම පරිශීලනය කිරීමේ හැකියාව ඔබට හිමි වේ.

ලියාපදිංචිය අහෝසි කර ගන්නේ කෙසේද?

ඔබ කැමති ඕනෑම වේලාවක “නාඩි වදන” හෙවත් “නාඩි වාක්‍ය” සමග වූ ලියාපදිංචිය අහෝසි කර ගත හැකිය. ඒ සදහා පහත පියවර අනුගමනය කරන්න.

  • ඔබ 2026 මාර්තු මස 31 වැනි දිනට පෙර “නාඩි වදන” හෙවත් “නාඩි වාක්‍ය” සමග ලියාපදිංචි වූ පරිශීලකයෙකු නම් ඔබ ලියාපදිංචි වූ දුරකතනයෙන් UNREG nadiwdn ලෙසට සටහන් කර 77112 වෙතට SMS එකක් යවන්න. එවිට ඔබගේ ලියාපදිංචිය අහෝසි වනු ඇත.
  • ඔබ 2026 අප්‍රේල් මස පළමු දින හෝ ඊට පසු “නාඩි වදන” හෙවත් “නාඩි වාක්‍ය” සමග ලියාපදිංචි වූ ඩයලොග්, එයාර් ටෙල් හෝ හච් (072/078) පාරිභෝගිකයෙකු නම් UNREG nadi ලෙසට සටහන් කර 77107 ට SMS එකක් යවන්න. එවිට ඔබගේ ලියාපදිංචිය අහෝසි වනු ඇත.
  • ඔබ 2026 අප්‍රේල් මස පළමු දින හෝ ඊට පසු “නාඩි වදන” හෙවත් “නාඩි වාක්‍ය” සමග ලියාපදිංචි වූ මොබිටෙල් පාරිභෝගිකයෙකු නම් නම් DREG nadi ලෙසට සටහන් කර 77015 ට SMS එකක් යවන්න. එවිට ඔබගේ ලියාපදිංචිය අහෝසි වනු ඇත.

ලියාපදිංචිය අවලංගු කිරීමේ form එක ලබා ගැනීමට මෙම link එක click කරන්න

“නාඩි වදන” හෙවත් “නාඩි වාක්‍ය” යෙදවුම මගින් ප්‍රතිධාන ලබා දෙන්නේ කුමන පදනමකින්ද?

යෙදවුමට ප්‍රවේශ වීමට හා යෙදවුමේ ක්‍රියාකාරිත්වය ආකර්ශනීය කිරීමට ඇඟිලි සලකුණු කියැවීමක් අන්තර්ගත කර ඇති නමුත් සියලු ප්‍රතිධාන නිකුත් කරනුයේ ඔබ විසින් ලබා දෙන උත්පත්ති දත්ත පදනම් කර ගෙන බව කරුණාවෙන් සලකන්න.

“නාඩි වදන” හෙවත් “නාඩි වාක්‍ය” App එක භාවිතයට අදාළ ගැටළුවක් ඇති වුවහොත් එය විසදා ගන්නේ කෙසේද?

ඔබගේ ගැටලුව සවිස්තරාත්මකව සටහන් කොට kathisa.apps@gmail.com වෙත ඊ මේල් පණිවුඩයක් එවන්න. අපගේ කණ්ඩායම හැකි ඉක්මනින් ඔබට පිළිතුරු සපයනු ඇත.